පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මූල්‍ය අපරාධ කොට්ඨාශයට

Wednesday, 06 September 2017 - 11:45

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
ප්‍රකාශයක් ලබාදීම සඳහා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන 10.30ට පමණ ඔහු එම කොට්ඨාශය වෙත පැමිණි බවයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහායි මන්ත්‍රීවරයා මෙම කොට්ඨාශය හමුවේ පෙනී සිට ඇත්තේ.

මීට පෙර අවස්ථාවකද මොහු මෙම කොමිසම හමුවේ පෙනී සිට තිබෙනවා.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාද මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කොට්ඨාශය හමුවේ පෙනී සිටියා.