බැඳුම්කර ගනුදෙනුව ගැන සෙවූ පළමු කෝප් කමිටුවේ වාර්තා පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට ලැබී ඇති බවට හෙළිවේ

Wednesday, 06 September 2017 - 12:21

%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%99%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%82%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පළමු කෝප් කමිටුවේ සාක්ෂි පිටපත් එහි සාමාජිකාවක විසින් ඇයගේ පුත්‍රයා හරහා පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙත ලබා දී ඇති බවට අද හෙළි වුණා.

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වන නුවන් සල්ගාදු කොමිසම හමුවේ පෙරවරුවේ සාක්ෂි දීම ආරම්භ කළ අතර, ඔහු සහ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අතර ඇති වූ දුරකථන සංවාදයක හඬ පටයක් ද මෙහිදී ප්‍රචාරය කළා.

එම හඬ පටය 2016 වසරේ අගෝස්තු මස 12 වන දා දෙදෙනා අතර ඇති වූවක් බවයි කොමිසම හමුවේ හෙළි වුණේ.

එමෙන්ම පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ දුරකථන සංවාද ඇතුළත් දත්ත පද්ධතිය විනාශ කළ බවට මීට පෙර ප්‍රකාශ වුණා.

එහෙත් එය විනාශ කිරීමට පෙර ලබාගත් සංස්කරණය නොකළ හඩ පටවල මුල් පිටපත් ඊයේ දිනයේදී කොමිසම වෙත භාර දී තිබෙනවා.

මේ අතර බැඳුම්කර ගනුදෙනුවට අදාල රහස්‍ය හා මුල්‍යමය තොරතුරු අර්ජුන් ඇලෝෂියස් හට ලැබී ඇතැයි පර්පචුවෙල් සමාගමේ මුල් දුරකථන සංවාද වලදී හෙළිවී තිබෙනවා.

ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම ස්ථාපිත කර ඇති භූමියට ඊයේ රාත්‍රියේ සිට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අතිරේක පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද ආරක්ෂාව සඳහා කැදවා ඇති බවයි.

කොමිසම සතුව වැදගත් ලිපි ලේඛන පැවතීම, ආරක්ෂාව වැඩි කිරීමට හේතුව බවයි බැඳුම්කර කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, බරපතල වංචා පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ ඉදිරි පැවැත්ම පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් වීමට නියමිතයි.

මෙම කොමිසමේ කාලසීමාව පසුගිය 03 වනදා අවසන් වූ අතර, නිල කාලය තවත් මාස 06කින් දීර්ඝ කරන ලෙස කොමිසමේ ලේකම්වරයා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත් එම ලිපියට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැහැ.

2015 මාර්තු 03 වනදා පත් කෙරුණු බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ කාලය අවස්ථා 04කදී ජනාධිපතිවරයා විසින් දීර්ඝ කර තිබෙනවා.

එම කොමිසම වෙත ගත වූ කාලසීමාව තුල පැමිණිලි 2000ක් පමණ ඉදිරිපත්ව ඇති අතර, ඉන් තෝරාගත් සිද්ධීන් 17ක විමර්ශන වාර්තා ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති අතර තවත් විමර්ශන අවසන් කළ වාර්තා 17ක් යොමු කිරීමට සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.