අර්ජුන් ඇලෝසියස් කොමිසමට කැදවන්නැයි නියෝග

Wednesday, 06 September 2017 - 13:17

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් කොමිසම හමුවට ඉදිරිපත් කරන්නැයි ඔහුගේ නීතිඥවරයාට බැඳුම්කර කොමිසම නියෝග කළා.

ඒ, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අර්ජුන් ඇලෝසියස් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි විමර්ශන නිලධාරීන් අද කොමිසමට දැනුම් අවස්ථාවේදියි.

ඔහුගේ නිවසට සහ කාර්යාලයට ගිය ද අර්ජුන් ඇලෝසියස් හමුවීමට නොහැකි වූ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොමිසමට කියා සිටියේ.

ඒ අනුව අර්ජුන් ඇලෝසියස්ගේ ගමන් බලපත්‍රවල අංක ලබාදෙන ලෙස ද කොමිසම අද ඔහුගේ නීතිඥවරයාට දැනුම් දී තිබෙනවා.

මේ අතර පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වන නුවන් සල්ගාදුට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස ප්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම අද නියෝග කළා.

ඒ, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ කොමිසමෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

නුවන් සල්ගාදු මෙම ගනුදෙනුවට අදාළව දේශපාලනඥයින් ඇතුළු නිලධාරීන්ගේ නම් හෙළි කර ඇති බැවින් මොහුට ආරක්ෂාව සලසන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් ඉල්ලා සිටියා.