පළාත් සභා ඡන්දය විස්ස සම්මත වී වසරක් තුළ

Wednesday, 06 September 2017 - 13:48

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වී වසරක් තුළ පළාත් සභා මැතිවරණය පවත්වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ  විසිවන සංශෝධනයට එරෙහිව පාර්ශව කිහිපයක් ගොනුකර ඇති පෙත්සම්, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

පනත් කෙටුම්පතට අදාළව සංශෝධන ඉදිරිපත් කරන බවද නීතිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, එස්.එම්. චන්ද්‍රසේන, ඩලස් අලහප්පෙරුම මෙන්ම නාමල් රාජපක්ෂ ද එහි සිටියා.