ප්‍රසන්න රණතුංගට සහ බිරිඳට විදෙස්ගතවීමට අවසර

Wednesday, 06 September 2017 - 15:26

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගට සහ ඔහුගේ බිරිඳට විදෙස් ගතවීමට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක අද නියෝග කළා.

ඒ අනුව මේ මස 9 වනදා සිට ලබන මස 2 වනදා දක්වා ඔවුන්ට විදෙස් ගතවීමට අවසර හිමිවනු ඇති.

මේ සම්බන්ධයෙන් ආගමන සහ විගමන පාලකවරයා දැනුම්වත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළා.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ සමයේ, මීතොටමුල්ල ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් ලබාදීම සඳහා රුපියල් මිලියන 64ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඔවුන්ට විදෙස් ගතවීමේ තහනමක් පනවා තිබෙනවා.