ඉන්දියාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් නෞකාවක්

Wednesday, 06 September 2017 - 15:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත්ව තිබූ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් මෙරට නාවික හමුදාව වෙත ඊයේ භාරදී තිබෙනවා.

සී.ජී. 60 ලෙස නම් කර ඇති මෙම නෞකාව දිගින් මීටර 74 ක් සහ මීටර 11.4 ක පළලින් යුක්ත බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මෙම නෞකාවේ නිලධාරීන් 10 දෙනෙකුට සහ නාවිකයින් 98 දෙනෙකුට රාජකාරි කිරීමේ පහසුකම් පවතිනවා.

මුර සංචාර, සෝදිසි මෙහෙයුම්, මානුෂීය සහන මෙහෙයුම් සහ ආපදා ප්‍රතිචාර  මෙහෙයුම් සඳහා මෙම නෞකාව යොදාගැනීමට බලාපොරොත්තු වන බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.