ෆීල්ඩ් මාර්ෂල්ගේ මතය, රජයේ මතය නොවේ - පක්ෂයත් කරුණු දක්වයි

Wednesday, 06 September 2017 - 19:11

%E0%B7%86%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%2C+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A+-+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට මෙන්ම ඔහුගේ සමීපතම නිලධාරීන් කිහිපදෙනෙකුට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

වැරදි කර ඇති අයට දඩුවම් නොදෙන බවට ජනපතිවරයා ප්‍රකාශ නොකළ බවට ජාත්‍යන්තරයට මෙරට රණවිරුවන්ට අත තැබීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ බවත් එහිදී ඔහු කියා සිටියා.   

මේ අතර අමාත්‍ය සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය පිළිබඳව අදත් දේශපාලන නායකයින් විවිධ අදහස් පළ කළා.

අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේ හිටපු හමුදාපතිවරයෙකු ලෙස තවත් හමුදාපතිවරයෙකු එවැනි ප්‍රකාශයක් කිරීම තමන් අනුමත නොකරන බවයි.

එය වැදගත් දේශපාලනඥයෙකුට නොගැලපෙන බවද ඔහු සඳහන් කළා.

ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා, හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසුරිය පිළිබඳව සිදුකළ ප්‍රකාශ රජයේ මත නොවන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඒ පිලිබදව සිදුකළ ප්‍රශ්න කිරීමකට පිලිතුරු ලබාදෙමින්.

එහිදී සභානායකවරයා පෙන්වා දුන්නේ යහපාලන ආණ්ඩුව කිසිවිටකත් හමුදාපතිවරුන් සිරගත කිරීමට කටයුතු නොකරන බවයි.