සිල් රෙදි නඩුවේ තීන්දුව අද

Thursday, 07 September 2017 - 7:20

%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට එරෙහිව නීතිපතිවරයා පැවරූ සිල් රෙදි නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර දිවයින පුරා විහාරස්ථානවල උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදාදීම මගින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.