පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයා ඉවත්වෙයි

Thursday, 07 September 2017 - 11:48

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%A0%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B7%82%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ප්‍රකාශයක් ලබාදීම සඳහා පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් අද පෙරවරුවේ ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

මේ වනවිට කොමිසමේ විමර්ශණ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්ණ කරමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු එම කටයුතුවලින් ඉවත් වන බව කොමිසම හමුවේ අද ප්‍රකාශ කළා.

ප්‍රශ්ණගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අර්ජුන් ඇලෝසියස්ට කැඳවීමක් නිකුත් කර තිබුණද ඔහු මෙතෙක් සොයාගැනීමට නොහැකි වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව බැදුම්කර කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළා.

ඔහුව සොයාගැනීම සඳහා සහයවන ලෙස අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයාගෙන් කොමිසම ඉල්ලීමක්ද කර තිබුණා.

ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත තොරතුරු ඉතා හොඳින් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් වෙන්දේසිය සිදුවන දිනයේදී දැන සිටි බවද කොමිසම හමුවේ දැනටමත් හෙළිව තිබෙනවා.