විස්ස උතුරෙන් කල් යයි

Thursday, 07 September 2017 - 12:52

%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අද උතුර පළාත් සභාවේ විවාදයට ගැනුනා.

එහිදී සියලූම මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ රජය මගින් එම පනත් කෙටුම්පතට ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන පිළිබඳ අවධානය යොමුකර පසුව නව පනත් කෙටුම්පත විවාදයට ගැනීමටයි.

ඒ හේතුවෙන් උතුර පළාත් සභාවේ විසිවන සංශෝධනය විවාදයට ගැනීම කල්දැමූ බවයි එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

දකුණ සහ ඌව පළාත් සභාවලදී  මෙම සංශෝධනය පරාජයට පත්වූූ අතර, වයඹ පළාත් සභාවේදී තීරණය කෙරුණේ විසිවන සංශෝධනය නීතිකාරක සභාවකට යොමු කිරීමටයි.

එමෙන්ම මෙම සංශෝධනය විවාදයට ගැනීම බස්නාහිර පළාත් සභාව තුළ කල්දමා තිබෙනවා.

මේ අතර විසිවන සංශෝධණ පනත් කෙටුම්පත අද නැගෙනහිර පළාත් සභාවටද ඉදිරිපත් කිරීමට නියමිතයි.