නව දේශීය ආදායම් පනතට විපක්ෂයෙන් සංශෝධන 103ක්

Thursday, 07 September 2017 - 13:00

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+103%E0%B6%9A%E0%B7%8A
නව දේශීය ආදායම් පනත් කෙටුම්පත රටේ උවමනාවන් දෙස බලා, රට පසුගිය කාලයේ ඇදවැටුණු ප්‍රපාතය පිළිබඳව අවධානය යොමුකර එය ගොඩනැංවීම සඳහා ඉදිරිපත් කළ  දේශීය සැලැස්මක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, නව දේශීය ආදායම් පනත් කෙටුම්පතට අදාළ පාර්ලිමේන්තු විවාදය අරඹමින්.

මීට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත අතර, ඊට අදාලව සාකච්ඡා කිරීම සඳහා පස්වරු 1.30 ට පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි.

නව දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඒකාබද්ධ විපක්ෂය පාර්ශවයෙන් සංශෝධන 33 ක් ඉදිරිපත් කර ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ විසින් සංශෝධන 70 ක් යෝජනා කර තිබෙනවා.

මේ අතර, නව දේශීය ආදායම් පනතට විරෝධය පළ කරමින් දේශීය ආදායම් වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සේවයෙන් බැහැරව ආරම්භ කළ වර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි.