බරපතල වංචා විමර්ශන කොමිසමට තවත් මාස දෙකක කාලයක්

Thursday, 07 September 2017 - 16:53

%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බරපතල වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීම සඳහා තවත් මාස දෙකක කාලයක් ලබාදී තිබෙනවා.

එම කොමිසමේ කාලය සැප්තැම්බර් 3 වන දායින් අවසන් වූ අතර, දෙමසක් තුළ අවසන් වාර්තාව සකස් කර කොමිසම පවත්වාගෙන ගිය කාර්යාලය ද වසා දැමිය යුතු බවයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

කොමිසමේ කාලය දීර්ඝ කිරීමක් යළි සිදුවන්නේ නැහැ.

මේ අතර බරපතල වංචා පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස 06 කින් දීර්ඝ කරන ලෙස එම කොමිසම පසුගියදා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුනා.

එහි නිල කාලය පසුගිය (03) වනදායින් අවසන්වීමත් සමඟ මෙම ඉල්ලීම සිදුකළ බවයි කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස සඳහන් කළේ.

2015 මාර්තු 03 වනදා පත් කෙරුණු මෙම කොමිසමට පැමිණිලි 1599 ක් ලැබී තිබූ අතර, ජනාධිපතිවරයා විසින් කොමිසමේ නිල කාලය අවස්ථා දෙකකදී දීර්ඝ කරනු ලැබුවා.

මේ වනවිට බරපතල වංචා පිළිබඳ සිද්ධීන් 17 ක් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කිරීමෙන් පසු ඒවායේ වාර්තාවන් කොමිසම විසින් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

බරපතල වංචා පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස වැඩිදුරටත් පැවසුවේ දැනට විමර්ශන අවසන් කළ සිද්ධීන් 17 ක් සම්බන්ධයෙන් වන වාර්තා ඉදිරියේදී භාරදීමට නියමිත බවයි.

එමෙන්ම, තවත් පැමිණිලි දෙකක පමණක් විමර්ශන කටයුතු අවසන් කිරීමට නියමිතව පවතින බවද ඔහු සඳහන් කළා.