අයහපත් කාලගුණය හේතුවෙන් පාසල් කිහිපයක් වැසේ

Thursday, 07 September 2017 - 18:18

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් හෙට වසා තැබීමට තීරණය වී තිබෙනවා.

රත්නපුර / අයගම / ඇහැළියගොඩ / කුරුවිට සහ ඇලපාත යන ප්‍රදේශවල පාසල් මෙලෙස වසා තැබෙන බවයි සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමඟ රත්නපුර නගරයට ආසන්නයේ පිහිටි මූද්දුව, බලිගත්ගොඩ සහ ගැටන්ගම යන ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ වන විට රත්නපුර නගරයට පිවිසෙන ඇතැම් මාර්ග ද ජලයෙන් යට වී ඇති බවයි.

මේ අතර, රත්නපුර - අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයන් 220ක් අවතැන් කදවුරු 3ක රදවා සිටින බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළා.

එමෙන්ම පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, වළල්ලාවිට, බුලත්සිංහල, ඉංගිරිය, මතුගම යන ප්‍රදේශවලත් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශයේත් පස් කඳු කඩා වැටීම් සහ නාය යාම් ඇති විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඊට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ යටියන්තොට ප්‍රදේශවලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ ප්‍රදේශවලත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කිරිඇල්ල, ඇලපාත සහ ඇහැළියගොඩ ප්‍රදේශවලත් මෙම තත්ත්වය පැවතිය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරඳන උතුර / කරඳන බටහිර / කලටුවාව බටහිර / මාකොට / දෙයියාගල / විලේගොඩ / බෝපැත්ත / අස්ගගුල / මාහර / තලාවිටිය සහ ඇහැපොල යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු වනවා.

අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නමුණුතැන්න / ගංගොඩකන්ද / සිංහලගොඩ / ගලතුර / කවිච්චියකන්ද / ගවරගිරිය / දුම්බරමානාන / උඩුගල / කොළඹෑව / උමංගෙදර / කැටේපොල සහ මඩබද්දර යන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව ද නායයාම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුයි.

රත්නපුර / සමන්පෙදෙස / සමගිපුර සහ මෝවගම්කන්ද / බටකන්ද / කොහොඹකන්ද / දිගන / නිරිඇල්ල / කුරුවිට / අඩවිකන්ද / ලක්ෂකන්ද / දෙවිපහල / කීරගල සහ වළඳුර / පැල්මඩුල්ල සහ දෙහිඕවිට යන ප්‍රදේශවල ජනතාව නායයාම් සහ පස් කඳු කඩා වැටීම් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ.