අර්ජුන් ඇලෝසියස්ගෙන් රහස් පොලීසිය පැය ගණනක් ප්‍රශ්න කරයි

Thursday, 07 September 2017 - 19:18

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් අද පළමු වරට මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නා.

එම ප්‍රකාශය පැය 9 කට අධික කාලයක් සටහන් කර ගත්තේ කොමිසමේ විමර්ශන නිලධාරීන් ලෙස කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් අද පෙරවරු 8.15 ට පමණ කොමිසම හමුවට පැමිණියේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොමිසම කළ කැඳවීමකට අනුවයි.

ඒ අතරතුරදී ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු විශේෂ ප්‍රකාශයක් කරමින් කොමිසමට දැනුම් දුන්නේ තමන් තවදුරටත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

ගණුදෙනු කාමරයේ හඬ පටිගත කිරීමේ පද්ධතිය සම්බන්ධයෙන් තමන්ට සත්‍ය කරුණු ලබා නොදීමට සමාගම කටයුතු කළ නිසා මෙම තීරණය ගත් බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

එසේම නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ දිනයේදී ඉදිරිපත් කළ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන හා එම සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී නුවන් සල්ගාදු අතර සිදුවූ දුරකතන සංවාදය උපුටා දක්වමින් අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා, නුවන් සල්ගාදුගෙන් අද හරස් ප්‍රශ්න විමසුවා.

තමන් කෝප් කමිටුවට කළ ප්‍රකාශය ඇතුළත් ලේඛනය මහ බැංකු අධිපතිට ලබාදීම සඳහා අර්ජුන් ඇලෝසියස්ගෙන් ලබාගන්නා ලෙස එම දුරකතන සංවාදයේදී කසුන් පලිසේන, නුවන් සල්ගාදුට උපදෙස් ලබාදෙනවා.

එම ලේඛනය කෝප් කමිටුව නියෝජනය කළ මන්ත්‍රීවරියකගේ පුතු විසින් අර්ජුන් ඇලෝසියස්ට ලබාදුන් බව අදාළ සංවාදයේ ප්‍රකාශ කෙරුණද, එම මන්ත්‍රීවරිය මෙම සංවාදය සිදුවන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නොවන බව සාක්ෂිකරු ප්‍රකාශ කළා.

ඊට අමතරව 2016 වසරේ අගෝස්තු මස 12 වැනි දින මෙම සංවාදය වී ඇති අතර, එදින කෝප් කමිටුව හමුවේ වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

අනතුරුව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළා.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, සිය මව් සමාගමට රුපියල් මිලියන 707.9 ක් ලබාදී ඇතත්, එය ඔවුන්ගේ ගිණුම් වාර්තා මගින් තහවුරු කළ නොහැකි බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් සාක්ෂිකරු ප්‍රශ්නයට අනුකූල නොවන ලෙස දීර්ඝ පැහැදිලි කිරීමක් කළ අවස්ථාවේදී පල් හෑලි නොදොඩා සිටින ලෙස සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන ඔහුට කියා සිටියේ එම මුදල් පර්පචුවල් මව් සමාගමට ලබාදුන්නේ කවුදැයි තමන් දන්නා බවයි.