හිටපු ජනපති සහ අගමැති අතර හදිසි හමුවක්

Friday, 08 September 2017 - 7:47

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ හදිසි සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊයේ සවස පැවති මෙම සාකච්ඡාවේදී 20 වන සංශෝධනය ඇතුලූ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ නව අණපනත් සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.

එමෙන්ම පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත  මගින් ක්‍ෂේත්‍ර නිලධාරීන්ට ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමේ අයිතිය අහිමිවීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමුවූ බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේ.