ඉර්මා චන්ඩ මාරුතයෙන් කැරිබියානු දිවයින්වලට දැඩි හානි

Friday, 08 September 2017 - 8:26

%E0%B6%89%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
ඉර්මා චන්ඩ මාරුතය හේතුවෙන් කැරිබියානු කලාපයේ දිවයින් රැසකට ඉමහත් විනාශකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

දැන් එය ගමන් කරන්නේ හයිටි සහ ටර්ක්ස් ඇන්ඩ් කැයිකොස් දිවයින් දෙසටයි. 2010 මහා භූ කම්පනයෙන් ඉමහත් විනාශයක් සිදුවූ හයිටි දිවයිනට ඉර්මා චන්ඩ  මාරුතයද දැඩි අභියෝගයක් ලෙසයි සැළකෙන්නේ.

මුහුදු මට්ටමේ පිහිටි ටර්ක්ස් ඇන්ඞ් කැයිකොස් දිවයින්වල චන්ඩ මාරුතයෙන් අඩි 20 ක් තරම් උසැති රළ පහර ඇතිවීමේ අවදානමක් පවතිනවා.

ඉර්මා චන්ඩ මාරුතය පැයට කිලෝමීටර 290 ක තරම් අති ප්‍රබල වේගයක් සහිත වන අතර එමඟින් කලාපයේ මෙතෙක් සිදුවූ මරණ සංඛ්‍යාව 10 ක්.

එහෙත් බාබියුඩා, සෙන් මාටින් සහ ඩොමිනිකා දිවයින්වලට ඇතිවූ විශාල හානිය හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉර්මා සුළි සුළඟ මෙම චන්ඩ මාරුතය කියුබාව හරහා සති අන්තයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තය දෙසට ගමන් කරනු ඇති.