මධ්‍යම අධිවේගය ගැන අග්‍රාමාත්‍යවරයාගෙන් පැහැදිළි කිරීමක්

Friday, 08 September 2017 - 15:47

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මාර්ගයේ එක් මීටරයක් සඳහා රුපියල් ලක්ෂ 41 ක ඇස්තමේන්තුවක් සිදුකර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ අද පාර්ලිමේන්තුවේදී චෝදනාවක් එල්ල කළා.

එහි නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.  

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගණුදෙනුව වඩාත් විනිවිද භාවයකින් සිදුකර ඇති බවයි.

එමෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ මහනුවර දක්වා ඉදි  කෙරෙන කොටස් ඉදිකිරීම සඳහා ජපානයේ සමාගම් දෙකකට කොන්ත්‍රාත් පදනම යටතේ ලබාදී ඇති බවයි.

මෙම මාර්ගය ඉදි කිරීමේදී වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් කොන්ත්‍රාත් සමාගම් 2 ක් යොදාගැනීමට සිදුවූ බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා.