පළාත් කිහිපයකට හෙටත් තද වැසි - කැළණි ගඟ සහ අත්තනගලූඔය ගැන, අවධානයෙන් සිටින්නැයි උපදෙස්

Friday, 08 September 2017 - 18:59

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD%E0%B7%96%E0%B6%94%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ත්, 150 ත් අතර ඉතා තද වැසි අපේක්ෂා කරන බවයි.

අද උදෑසන 08.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉලිබුළුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබූ අතර, එය සටහන් වූයේ මිලිමීටර් 165 ක් ලෙසයි.

කෙසේ වෙතත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට බලපෑ ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

කුකුළේ ගග ජලාශයේ වාන් දොරටුවක් තවමත් විවෘත ව පවතින අතර, කැළණි ගෙඟ් සහ අත්තනගලූඔයේ ජල මට්ටම ඉහළ යාම පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියා.