අර්ජුන් ඇලෝසියස්ගෙන් රහස් පොලීසිය දින 4ක් ප්‍රශ්න කරයි - ලබන සතියේ සාක්ෂි කූඩුවට

Friday, 08 September 2017 - 19:06

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%9A%E0%B7%96%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අර්ජුන් ඇලෝසියස්ගෙන් අනිද්දා දක්වා පුරා දින 04 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරන බව බැඳුම්කර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද සඳහන් කළා.

ඉන් පසු ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත අතර ඊට විරෝධය පළ කරන බවයි අර්ජුන් ඇලෝසියස්ගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ.

පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් අද දෙවැනි දිනටත් බැඳුම්කර කොමිසමට පැමිණි අතර, ඔහුට ඒ තුළට යාමට අවසර හිමි වුණේ ශරීර පරීක්ෂාවකින් පසුවයි.

අනතුරුව අර්ජුන් ඇලෝසියස් කොමිසමේ විමර්ශන අංශය ලෙස කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැය 10 කට ආසන්න කාලයක් පුරා සිය ප්‍රකාශය ලබාදුන්නා.

මේ අතර, ලබන සඳුදා හෙළි කිරීමට සූදානම් තොරතුරු සඳහන් කර අර්ජුන් ඇලෝසියස් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බව කොමිසම දැනුම් දුන්නා.

කොමිසම ප්‍රකාශ කළේ ඊට පසු දින අර්ජුන් ඇලෝසියස් සාක්ෂි විමසීමට කැඳවන බවයි.

කෙසේ වෙතත්, ඊට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සිය විරෝධය පළ කළා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන පැවසුවේ සති අන්තයේදී අදාළ තීරණය සම්බන්ධයෙන් තවදුරටත් සැලකිල්ලෙන් සිතා බලා අවසන් තීරණය කොමිසමට දැනුම් දෙන ලෙසයි.