ජල ගාස්තු වැඩි කිරීමේ සූදානමක්

Saturday, 09 September 2017 - 7:44

%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජල ගාස්තු ඉදිරියේදී සුළු වැඩි කිරීමකට ලක්වන බව ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය රහුෆ් හකීම් පවසනවා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජල ගාස්තු වැඩි වුවද එය සමෘද්ධිලාභී පවුල්වලට බල නොපාන බවයි.

එමෙන්ම පළමු පාරිභෝජන ඒකක 15 සඳහා රුපියල් 100ක අවම ගාස්තුවක් අය කෙරෙන අතර, අමතර පාරිභෝජනය සඳහා පමණක් මෙලෙස ගාස්තු වැඩිවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය රවුෆ් හකීම් වැඩිදුරටත් සඳහන්.