අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

Saturday, 09 September 2017 - 8:28

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසි තත්ත්වය අද සිට වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වූ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලට බලපෑ ගංවතුර තත්ත්වය මේ වනවිට පහව යමින් පවතින බව හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ කළු ගඟ සහ අත්තනගලූඔය ආශ්‍රිත පහළ ප්‍රදේශවල ජනතාව ජල මට්ටම් පිළිබදව තවදුරටත්  විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.

ඒ අනුව ගාල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යාම් අවධානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ.

මේ අතර, ගංවතුරට හසුවූ රත්නපුර නගරය ආසන්නයේ පිහිටි සිමෙන්ති ගල් වැඩබිමකින් දැවෙන සුළු වායුවක් නිකුත් වෙමින් තිබෙනවා.

එහි පොළ‍වේ කුඩා කොටසක් ගිලා බැස ඇති අතර, ඉන් එම වායුව නිකුත් වීම හේතුවෙන් එහි සේවකයෙකු ගිනි කූරක් දැල්වීමෙන් පසු එහි ඇති වූ තත්ත්වයයි මේ.