මෙක්සිකෝ භූ කම්පනයේ ජීවිත හානි 58 දක්වා ඉහළට

Saturday, 09 September 2017 - 8:38

%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+58+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙක්සිකෝවේ ඊයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 8.1ක ප්‍රබල භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දශක 8කට පසු මෙක්සිකෝවේ ඇති වූ ප්‍රබලතම භූ කම්පනය වන මෙයින් මෙක්සිකෝ - සිටි අගනුවර ගොඩනැගිලි රැසකට හානි සිදුවුණා.

කෙසේ නමුත් භූ කම්පනයේ කේන්ද්‍රය මෙක්සිකෝවේ දකුණුදිග වෙරළාසන්නයේ පැවතීම හේතුවෙන් දහස් ගණනකට දිවි අහිමි කළ 1985 වසරේ භූ කම්පනයෙන් තරම් හානියක් අගනුවරට සිදුවී නැහැ.

ඊයේ සිදුවූ භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි 100කට අධික සංඛ්‍යාවක් කඩා වැටී ඇති අතර, අතුරු කම්පන හේතුවෙන් ජීවිතාරක්ෂක මෙහෙයුම්වලට බාධා පැමිණ තිබෙනවා.