ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට

Saturday, 09 September 2017 - 10:26

%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට පැමිණියා.

ඒ, එමගින් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීමටයි.

සිරිලිය සවිය සංවිධානයේ වත්කම් - බැරකම් සම්බන්ධයෙන් හිටපු ජනපති ආර්යාවගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබාගැනෙන බව කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් 2015 වසරේ ද ඇයගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ප්‍රශ්න කර තිබෙනවා.