අර්ජුන් ඇලෝසියස් අද නැවතත් බැඳුම්කර කොමිසමට පැමිණේ

Saturday, 09 September 2017 - 10:33

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් අද නැවතත් බැඳුම්කර කොමිසමට පැමිණියා.

ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුරා දින 4ක් ප්‍රශ්න කරන බවයි ප්‍රශ්නගත බැඳුම්කර පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම කියා සිටියේ.

ඒ අනුව ඔහු ඊයේ සහ පෙරේදා දිනයන් හිදී බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අතර හෙට දිනයේදී ද කොමිසම ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි.

එමෙන්ම ලබන සඳුදා හෙළි කිරීමට සූදානම් තොරතුරු සඳහන් කර දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස කොමිසම අර්ජුන් ඇලෝසියස්ට දැනුම් දුන්නා.

කොමිසම ප්‍රකාශ කළේ ඊට පසු දින අර්ජුන් ඇලෝසියස් සාක්ෂි විමසීමට කැඳවන බවයි.

කෙසේ වෙතත්, ඊට ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සිය විරෝධය පළ කළා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන පැවසුවේ සති අන්තයේදී අදාළ තීරණය සම්බන්ධයෙන් තවදුරටත් සැලකිල්ලෙන් සිතා බලා අවසන් තීරණය කොමිසමට දැනුම් දෙන ලෙසයි.