පොලිසියෙන් උසස් වීම් වාර්තාවක්

Saturday, 09 September 2017 - 13:28

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පොලිස් සේවයේ 2599 දෙනෙකුට උසස්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

මෙය එකවර වැඩිම පොලිස් නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදුන් පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.

ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන් 2075ක් පොලිස් සැරයන් ධුරයටත්, පොලිස් සැරයන්වරුන් 189 දෙනෙකු උප පොලිස් පරීක්ෂක ධුරයටත් උසස් කර තිබෙනවා.

කාන්තා සැරයන්වරුන් 34 දෙනෙකු කාන්තා උප පොලිස් පරීක්ෂක ධුරයටත්, පොලිස් කොස්තාපල් රියදුරු 290 දෙනෙකු පොලිස් සැරයන් රියදුරු ධුරයටත් උසස් කර ඇති අතර සැරයන් රියදුරු 9 දෙනෙකු ප්‍රවාහන උප පොලිස් පරීක්ෂක ධුරයට ද උසස් කර තිබීම විශේෂත්වයක්.

මෙම සියලූ පත්වීම් 2016 මැයි මස 31 වන දා සිට බලපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

එසේම, සේවා අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් දස දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 5 දෙනෙකු සහ පොලිස් අධිකාරිවරුන් 6 දෙනෙකු ස්ථානමාරු කර තිබෙනවා.