අර්ජුන් ඇලෝසියස්ගෙන් අදත් පැය 3 ක් ප්‍රශ්න කෙරේ

Saturday, 09 September 2017 - 14:54

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+3+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ප්‍රශ්න ගත බැදුම්කර කොමිසමේ විමර්ශන අංශය ලෙස කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් අදත් පැය 3 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත්තා.

ඔහු අද (09) පෙරවරු 10 යි 15 ට පමණ බැදුම්කර කොමිසමට ඇතුලූ වූයේ එහි ආරක්ෂක අංශය විසින් කළ පරීක්ෂාවකින් පසුවයි.

පස්වරු 1 යි 15 ට පමණ අර්ජුන් ඇලෝසියස් ඉන් පිටව ගියා.

අර්ජුන් ඇලෝසියස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුරා දින 4 ක් ප්‍රශ්න කරන බව ප්‍රශ්න ගත බැදුම්කර පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම සදහන් කළා.

ඒ අනුව ඊයේ සහ පෙරේදා දිනයන්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු ප්‍රකාශ ලබාදුන් අතර, හෙට දිනයේදීත් ඔහු කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ලබන සදුදා දිනයේ හෙළි කිරීමට සූදානම් තොරතුරු සදහන් කර දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස අර්ජුන් ඇලෝසියස්ට දැනුම්දුන් කොමිසම ප්‍රකාශ කළේ ඊට පසුදින ඔහුගෙන් සාක්ෂි විමසීමට නියමිත බවයි.