ජපානය සහ ඇමරිකාව තවත් යුද අභ්‍යාසයක

Saturday, 09 September 2017 - 14:56

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A
ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදය එක්ව ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක් නැගෙනහිර චීන මුහුදේ අද සිදුකර තිබෙනවා.

පසුගියදා උතුරු කොරියාව සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් පසුව ඔවුන් සිදුකළ පළමු ගුවන් අභ්‍යාසය මෙය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මීට පෙර පසුගිය අගෝස්තු 31 වනදා ජපානය සහ ඇමරිකාව එක්ව සිදුකළ ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයෙන් දින 2 කට පසු උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් සිදුකළේ ජපානයට ඉහළින් මිසයිල යොමුකරමින්.