ශිරන්ති රාජපක්ෂගෙන් අල්ලස් කොමිසමට පැය 2 ක ප්‍රකාශයක්

Saturday, 09 September 2017 - 19:09

%E0%B7%81%E0%B7%92%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+2+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ අද (09) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදුන්නා.

ඒ සිරිලිය සවිය සංවිධානයේ වත්කම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළවයි.

පෙරවරු 9 යි 45 ට කොමිසම හමුවේ පෙනී සිටි ඇයගෙන් පැය එකහමාරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපති ආර්යාව මෙලෙස අල්ලස් කොමිසම හමුවට පැමිණි දෙවැනි අවස්ථාව මෙයයි.

ඇය සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ ඩී.වී. චානක ද එම ස්ථානයට පැමිණ සිටියා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ යහපාලන ආණ්ඩුව පත්වූ අවස්ථාවේ සිට නිරන්තරයෙන් මෙවැනි ආයතන වෙත තම පවුලේ සාමාජිකයින් පැමිණෙන බවයි.