ඇමති ෆොන්සේකාගේ ප්‍රකාශ ගැන පරීක්ෂණ කළ හැකි බව විග්නේෂ්වරන් කියයි

Saturday, 09 September 2017 - 19:11

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශය පිළිබද පරීක්ෂණයක් සිදුකළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැකීම සදහා අද පෙරවරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී මහානාහිමියන් සමග පැවති සාකච්ඡාව පිලිබදව පළමුව අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ යුද සමයේදී අනාථ වූ කාන්තාවන්ට දරුවන්ට සහ පුනරුත්ථාපනය කරන ලද තරුණ තරුණියන්ට තවත් විශාල වැඩකොටසක් සිදුකිරීමට නියමිතව ඇති බවයි.

අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් උතුර පළාත් මහඇමතිවරයා කියා සිටියේ ඔහු ප්‍රකාශ කරන කාරණා සත්‍ය විය හැකි බවයි.

එම මතය තමන් ද ප්‍රකාශ කරන බව සදහන් කළ ඔහු කියා සිටියේ අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන ලෙසයි.