වගා නොකරන ඉඩම් රජයට පවරාගැනීමට නව නීති

Sunday, 10 September 2017 - 7:33

%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92
වගා නොකරන ඉඩම් රජයට පවරා ගැනීම සඳහා නව නීති ගෙන එන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

දිඹුලාගල නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට ඊයේ (09) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

‘‘සියලුදෙනා ඒකාබද්ධව ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් ආරම්භ කරනවා. ප්‍රධාන වශයෙන්ම නියගයෙන් පීඩාවට පත්වෙච්ච අපේම ගොවිබිම් සමග නැවත යථා තත්ත්වයට අපේ ආහාර නිෂ්පාදනය වර්ධනය කර ගැනීම සඳහා, දැනට ගොවිබිම්වලට අයිති ප්‍ර දේශ වගේම දැනට ගොවිබිම් නොවන රජයේ සියලු රාජ්‍ය ආයතනවලට අයත් ඉඩම් මේ වගා වැඩසටහනට එකතු කරගන්න ඕන. රටේ බෝහෝ ප්‍රදේශවල අපි දන්නවා තමන්ගේ පුද්ගලික ඉඩම් තියාගෙන ඉන්නවා වගා කරන්නේ නැතිව. ඒවා සමහරවිට මුඩු බිම් බවට පත්වෙලා. අපි අනිවාර්ය කරනවා සෑම භූමියක්ම වගා කළ යුතුයි. වගා කරන්නේ නැත්නම් තිබෙන නීතිරීති යටතේ අලුත් නීති ගැසට්කරලා ඒ ඉඩම් වගා කිරීම සඳහා එක්කෝ රජයට පවරා ගන්නවා. එහෙම නැත්නම් වගා කරන අයට දෙනවා. ඉඩම් තියාගෙන වගා නොකර ඉන්න කාටවත් පුළුවන්කමක් නැහැ’’ යනුවෙන් එහිදී ජනාධිපතිවරයා තවදුරටත් අදහස් පළ කර සිටියා.