සයිටම් ගැටලූව කල්දැමීම බරපතල ගැටළුවක් - ඇමති සුසිල්ගෙන් ප්‍රකාශයක්

Sunday, 10 September 2017 - 7:34

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8++%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සයිටම් ගැටළුවට කඩිනමින් විසඳුම් ලබාදීමට අපොහොසත් වුවහොත් එය බරපතල ගැටළුවක් බවට පත්වන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති විශේෂ දේශනයකට ඊයේ (09) එක්වෙමින්.

එසේ නොවුනහොත් එය බරපතල ගැටලූවක් බවට පත්වනු ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.

එබැවින් අධිකරණයට හෝ වෙනත් ආයතනවලට මෙම ගැටලූව විසඳීම සඳහා භාරනොදී, එය කඩිනමින් ප්‍රායෝගිකව විසඳීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ.