එල්.ටී.ටී.ඊ. රැඳවියන්ගේ ගැටළුවට කඩිනම් විසඳුම් දෙන්න - උතුර මහ ඇමති ආණ්ඩුවට කියයි

Sunday, 10 September 2017 - 7:37

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%A7%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%8A.+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ. රැඳවියන්ගේ ගැටළුට කඩිනමින් විසඳුම් ලබාදීමට ආණ්ඩුව පියවර ගත යුතු බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එල්.ටී.ටී.ඊ. රැඳවියන්ගේ සුවදුක් විමසීමට පල්ලෙකැලේ පිහිටි බෝගම්බර බන්ධනාගාරයට ඊයේ (09) පස්වරුවේ පැමිණි අවස්ථාවේදියි.

එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාටද ලිපියක් යොමුකර ඇති බවයි.

මෙම ගැටලූව පිළිබඳව තමන්ට කිසිවක් සිදුනොකළ හැකි බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීම පමණක් සිදුකළ හැකි බවත් උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.