ප්‍රමාද වැඩියි - ෆ්ලොරිඩා ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්

Sunday, 10 September 2017 - 8:01

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%86%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අර්මා සුළි කුණාටුව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට අද (10) ඇතුලූවීමට නියමිතයි.

එරට කාලගුණ බලධාරින් කියා සිටියේ පැයට කිලෝමීටර 250 ක්වූ වේගයකින් අර්මා ෆ්ලොරිඩාව ආක්‍රමණය කරනු ඇති බවයි.

විදෙස් වාර්තාවලට අනුව මේ වනවිටත් ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ලක්ෂ 63 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් ෆ්ලොරිඩා ආණ්ඩුකාර රික්ස් කොට් ප්‍රකාශ කර ඇත්තේ ඉවත්වීමට ප්‍රමාද වැඩි බැවින් මේ දක්වා ආරක්ෂිත ස්ථාන වෙත යොමුවීමට නොහැකි වූ පිරිස් දැනට සිටින ස්ථානවලම සිට සිය ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීම වඩාත් සුදුසු වන බවටයි.