වවුනියාවේදී පාසල් දැරියක් අතුරුදන්

Sunday, 10 September 2017 - 13:41

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
වවුනියාව - මහරම්බකුලම ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් දැරියක් අතුරුදන්ව තිබෙනවා.

පසුගිය සිකුරාදා සිට ඇය මෙලෙස අතුරුදන්ව ඇති බවට දැරියගේ දෙමව්පියන් වවුනියාව පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර ඇති බව සඳහන්.

පාසල් ගොස් නැවත නොපැමිණි නිසා දෙමව්පියන් විසින් දැරිය සොයා ඇති නමුත් මේ දක්වා ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තාවී නොමැති බවයි පොලීසිය කියා සිටියේ.