වව්නියාවේදී තියුණු අයුධ වලින් පහරදී 30 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ (ඡායාරූප)

Sunday, 10 September 2017 - 16:51

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+30+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වව්නියාව, ඕමන්ත, පාලමොට්ටෙයි, කේලවීකුලම් ප්‍රදේශයේදී තියුණු අයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනයකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කේලවීකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය 08 වනදා රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාල පුද්ගලයා ඔහුගේ දික්කසාද බිරිඳ සහ බිරිඳගේ ඥාතීන් සමඟ ආරවුලක් ඇතිව ඇති අතර එය දුරදිග යාම නිසා බිරිඳගේ ඥාතීන් විසින් අදාල පුද්ගලයාට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනයකර ඇති බවයි ඕමන්ත පොලීසිය සැක පළකරන්නේ.

කෙසේ වෙතත් අදාල සිදුවීමෙන් පසුව මිය ගිය පුද්ගලයාගේ දික්කසාද බිරිඳ සහ ඇයගේ පියා ඇතුළු සහෝදරයන් දෙදෙනෙකු ද ඕමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕමන්ත පොලීසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වන බවයි වාර්තා වන්නේ.



ඡායාරූප - වව්නියාව රොමේෂ් මධුසංක