රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයේ ප්‍රතිපත්තිය ශක්තිමත් - ජනපති කියයි (ඡායාරූප)

Sunday, 10 September 2017 - 18:23

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙන යන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ඉතා ශක්තිමත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ  පොළොන්නරුව - හොරොව්පතාන - රිටිගහවැව විහාරස්ථානයේ ඉදිකෙරුණු ජල පද්ධතියක් ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට අද එක්වෙමින්.

වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය සම්පාදනය සඳහා ඉදිකරන ලද 250 වන ජල සම්පාදන පද්ධතිය මෙය වනවා.

ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 383ක්.

මේ අතර, වැවක් සමඟ ගමක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ 50 වන වැඩසටහන පොළොන්නරුව - කවුඩුල්ල - මිරිස්හේන ප්‍රදේශයේදී අද ක්‍රියාත්මක වූයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.





ඡායාරූප - මින්නේරිය, රසාංග