ඡන්දපොළ, ගණනය කිරිම් සහ ආරක්ෂාව ගැන මැතිවරණ නිලධාරීන්ට උපදෙස්

Sunday, 10 September 2017 - 19:10

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%2C+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් දැනුවත් කර තිබෙනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම් සභා පරිශ්‍රයේ පැවැති මෙම හමුවේදී ඡන්දපොළ ගණන් කිරීමේ කටයුතු සහ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබදව විශේෂ අවදානයක් යොමු කළ බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

එමෙන්ම දැනට පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබදව ද මැතිවරණ නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.