ෆොන්සේකාට එරෙහිව අනුරාධපුරයේ විරෝධතා

Sunday, 10 September 2017 - 19:13

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට එරෙහිව අනුරාධපුර නව නගරයේදී අද විරෝධතාවයක් පැවැත්වුණා.

මෙම විරෝධතාවය ආබාධිත රණවිරුවන් පිරිසක් සංවිධාන කර තිබූ අතර ඊට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියා.

ඔවුන් අනුරාධපුර - 2 කණුව ප්‍රදේශයේ සිට පාගමනකින් නගරය වෙත පැමිණි අතර එහිදී ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාගේ අනුරුවකට ද ගිනිතබනු ලැබුවා.

මේ අතර, උතුරේ මහඇමතිවරයාගේ අවශ්‍යතාවන් මත ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ප්‍රකාශ නිකුත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දඹුල්ලේ පිහිටි සිය නිවසේ අද මාධ්‍ය හමුවකට එක්වෙමින්.