රත්නපුරයේ වසා දැමුණු පාසලුත් විවෘතයි

Monday, 11 September 2017 - 7:08

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
අද සිට 14 වනදා දක්වා වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ තැනින් තැන වැසි ඇතිවිය හැකි බවත් විශේෂයෙන් නැගෙනහිර පළාතේත්, ගාල්ල, මාතර, රත්නපුර, මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම වර්ෂාවත් සමඟ ලක්ෂපාන සහ කුකුළේගඟ ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි  සඳහන් කළා.

ගාල්ල, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් වසා දැමුණු රත්නපුර, කුරුවිට, ඇහැලියගොඩ, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ පාසල් අද යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරෙනවා.