උතුරේ මහ ඇමති අස්ගිරි මහ නාහිමි බැහැ දකී

Monday, 11 September 2017 - 8:04

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් ඊයේ බැහැ දුටුවා.

ඉන් අනතුරුව  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ උතුර - නැගෙනහිර ජනතාව වෙනුවෙන් ෆෙඩරල් ක්‍රමයක අවශ්‍යතාවක් පවතින බවයි.

රට දෙකඩ කිරීමට නොව තම ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ෆෙඩරල් ක්‍රමයේ අවශ්‍යතාව පවතින බවද ඔහු එහිදී සඳහන් කළා.  

එමෙන්ම සංහිදියා වැඩපිළිවෙල ශක්තිමත් කිරීම ගැන ද මෙහිදී මහනාහිමියන් සමඟ සාකච්ඡා කළ බව ද ඔහු කියා සිටියා.