Update:- ඇලෝසියස්ට කොමිසම අද දුන් නියෝගය

Monday, 11 September 2017 - 7:29

Update%3A-+%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් පස්වන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රශ්නගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

අද පෙරවරු 9.45 ට පමණ ඔහු කොමිසම වෙත පැමිණියේ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන ද සමඟින්.   

ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු, පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඒ සඳහා ඉදිරිපත්ව සිටින්නේ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපනයි.

කොමිසම වෙත පැමිණි අර්ජුන් ඇලෝසියස් මේ වනවිට කොමිසමේ විමර්ශන කටයුතු සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත ප්‍රකාශය ලබාදෙමින් සිටිනවා.

ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අර්ජුන ඇලෝසියස්ට කොමිසමෙන් පිටව නොයන ලෙසට කොමිසම දැනුම්දී ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ.


Update: Monday, September 11, 2017   11.15am
...............................................................................
update :- අර්ජුන් ඇලෝසියස් පස්වන දිනටත් බැඳුම්කර කොමිසමට

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් පස්වන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රශ්නගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අර්ජුන් ඇලෝසියස් හට බැඳුම්කර කොමිසමෙන් පිටව නොයන ලෙස කොමිසම ප්‍රකාශ කර තිබෙනවා.


Update: Monday, September 11, 2017   11.15am
...............................................................................
update :- අර්ජුන් ඇලෝසියස් පස්වන දිනටත් බැඳුම්කර කොමිසමට

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් පස්වන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ප්‍රශ්නගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන ද අර්ජුන් ඇලෝසියස්  සමග බැඳුම්කර කොමිසම වෙත පැමිණි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු, පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඒ සඳහා ඉදිරිපත්ව සිටින්නේ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපනයි.

කොමිසම වෙත පැමිණි අර්ජුන් ඇලෝසියස් මේ වනවිට කොමිසමේ විමර්ශන කටයුතු සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


Update: Monday, September 11, 2017 10.05 am
...............................................................................
ඇලෝසියස් අදත් කොමිසමට

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් ඊයේ සිව්වන දිනටත් පැය දෙකකට ආසන්න කාලයක් කොමිසමේ විමර්ශන නිලධාරීන් ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තාවනවා.

සිය නීතීඥයන් සමග උදෑසන 10.30 ට පමණ අර්ජුන් ඇලෝසියස් කොමිසමට පැමිණ ඇති අතර, මීට පෙර දින 3 කදී ඔහුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

අර්ජුන් ඇලෝසියස් පසුගිය 7 වනදා මුල්වරට කොමිසම හමුවේ පෙනී සිටි අතර, කොමිසමේ විමර්ශන නිලධාරීන් ඔහුගෙන් පැය 4 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබුණා.

එමෙන්ම පසුගිය 8 වනදා පැය 8 ක කාලයක් සහ 9 වනදා පැය 3 ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි කොමිසම සඳහන් කළේ.

මේ අතර ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අර්ජුන් ඇලෝසියස් එම කොමිසමට කැඳවීමට ඇති හැකියාව පිළිබඳව නීතිමය තත්ත්වය අද කොමිසමට ඉදිරිපත් කරන බව ඔහුගේ නීතීඥවරයා මීට පෙර දිනකදී ප්‍රකාශ කර තිබුණා.