බස් රථවලට ගල් ගසන සංවිධානාත්මක කල්ලියක් අල්ලයි

Monday, 11 September 2017 - 10:02

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රාත්‍රී දුරගමන් සේවාවේ යෙදෙන කොළඹ - කතරගම ශ්‍රී ලංගම බස් රථ වලට සංවිධානාත්මකව ගල් ගැසිමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙක් හම්බන්තොට දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට මුලස්ථාන පොලීසිය පවසනවා.

ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයකට හම්බන්තොට මහ ලේවාය ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් පසුගිය 09 වනදා  රාත්‍රී 2ට පමණ යතුරුපැදිය මාර්ගයේ හරස්කර බස් රථයට ගල් ගසා බස් රථයේ කොන්දොස්තරවරයාටද පහර දි ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දී හම්බන්තොට පොලිසියේ නිළධාරින් දෙදෙනෙක් කතරගම ප්‍රදේශයේ රාජකාරියකට සහාගීවී පොලිස් ස්ථානයට පැමිණෙන අවස්ථාවේ දී මෙම සිද්ධිය දැක එම ස්ථානයට පැමිණිමෙන් අනතුරුව යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා බදගිරියේ පදිංචි සහෝදරයින් දෙදෙනෙක් බව පොලිසිය පවසනවා.

එක් පුද්ගලයෙක් කොළඹ - කතරගම පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස සේවය කරන අයෙක් බව සඳහන්.

කතරගම සිට කොළඹ බලා ධාවනය වන බස් රථයට මෙම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇති අතර වැරදිමකින් ලුණුගම්වෙහෙර බස් රථයට ප්‍රහාරය එල්ල කලබව පවසා ඇතැයි ද පොලිසිය කියා සිටිනවා.

පහර දීමෙන් තුවාල ලැබූ ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කෙරුණා.

මීට සති කිහිපකට පෙර පාසිකුඩා දක්වා ගමන් ගන්නා ලංගම බස් රථයට හම්බන්තොට දී ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර අම්බලන්ගොඩ - අම්පාර බස් රථයටද හම්බන්තොට ගුවන් පාළම උඩ සිට විශාල ගලක් පෙරලා ඇති බවටද හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවද පොලිසිය පවසනවා.

රාත්‍රී කාලයේ දුරගමන් බස් රථවලට සිදුකරන මෙම ප්‍රහාරයන්හි  සුලමුල සොයාගැනීමට මෙම බස්රථයට පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.

කොළඹ - කතරගම දුරගමන් සේවාවේ යෙදෙන ප්‍රසිද්ධ බස් රථ හිමියයෙකුගේ බස් රථයක කොන්දොස්තරවරයෙක් මෙම සිද්ධියට අත්අඩංගුවට පත්වීමෙන් මෙම සිද්ධිය සම්බන්දව පුළුල් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිසිය පැවසුවා.

රාත්‍රී දුර ගමන් සේවාවේ යෙදෙන ලංගම බස් රථවල වේලාවන් වෙනස් කර ගැනිමට ලංගම බස් රථ රියදුරන් මෙලෙස බිය වැද්දීම සිදුකරන්නට ඇතැයි දැනට කර ඇති පරීක්ෂන වලින් හෙළිවී තිබෙනවා.

හම්බන්තොට මුලස්ථාන පොලිසියේ  උප පොලිස් පරීක්ෂක සුනිල් ද සිල්වා සහ පොලිස් කොස්තාපල් 56859 කුලරත්න යන නිළධාරින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂක ජී.ඒ.එස්.පී  අබේසිංහගේ උපදෙස් මත අපරාධ අංශයේ  උප පොලිස් පරීක්ෂක ඥාණසිරි සිද්ධිය සම්බන්දව පරීක්ෂණ පවත්වනවා.