අනුරාධපුර ශික්ෂණ රෝහල් ගොඩනැගිල්ලෙන් පැන රෝගියෙකු මරුට

Monday, 11 September 2017 - 11:22

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය පවත්වාගෙන යන සයමහල් ගොඩනැගිල්ලෙන් පැන රෝගියෙකු අද අලුයම මියගොස් තිබෙනවා.

එහි සිව්වන මහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 57 හැවිරිදි  තිදරු පියෙක්.

මිනුවන්ගොඩ - කළහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු උදරාබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා පෙරේදා දිනයේදී රෝහල් ගතකර තිබෙනවා.

මොහු මෙලෙස බිමට පැනීමට හේතුව අනාවරණය කරගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අනුරාධපුර පොලීසිය සඳහන් කළේ.