පරන්තන් - පුනරීන් මාර්ගයේ අනතුරකින් දෙදරු මවක් ජීවිතක්ෂයට (ඡායාරූප)

Monday, 11 September 2017 - 12:36

%E0%B6%B4%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චිය, පුනරින්- පරන්තන්  ප්‍රධාන මාර්ගයේ අද (11) උදෑසන සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියා.

පුනරීන්- පරන්තන් ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් පැමිණ ඇති සුඛෝපභෝගී වෑන් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල පිහිටි ගෙවත්තකට පෙරලී ගොස් තිබෙනවා.

එහිදී  වෑන් රථය පෙරලී යන අවස්ථාවේදී මාර්ගයේ පාපැදියකින් ගමන් කරමින් සිටි දෙදරු මවක්ද යටකරගෙන අදාල වෑන් රථය පෙරලී ගොස් ගසක වැදී ඇති බවට සිදු කරන ලද මූලික පරික්ෂණ වලින් හෙළි වූ  බවයි කිලිනොච්චිය පොලීසියය කියා සිටියා.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු හා අදාල කාන්තාව බරපතල තුවාලා ලැබූ අතර තුවාල ලැබූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට රැගෙන ඒමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පුනරීන්හි පදිංචි දෙදරු මවක් වන 47 හැවිරිදි ශිවකුමාර් ජෙගදම්බාල් නැමති කාන්තාවක්.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිණෙමින් සිටි වෑන් රථයක් බවයි පොලිසිය සඳහන් කළේ.



ඡායාරූප - වව්නියාව රොමේෂ් මධුසංක