වෛද්‍ය සභාව හෙට හදිසියේ රැස්වේ

Monday, 11 September 2017 - 12:47

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විශේෂ රැස්වීමක් හෙට කැඳවා තිබෙනවා.

සයිටම් ගැටළුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කළ පංච පුද්ගල කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණ බවයි වෛද්‍ය සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට සෞඛ්‍ය ලේකම්වරයා, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා ඇතුළත්.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම්ද ඊට  ඇතුළත් කර තිබෙනවා.

මෙම කමිටුව සහ වෛද්‍ය සභාවේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පසුගිය 6 වනදා පැවැත්වූ අතර, එහිදී දැනට රජයේ වෛද්‍ය පීඨවල සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්වීම පිළිබඳව සහ ගැටළුවට අවසන් විසඳුමක් ලැබෙනතුරු ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ලක්කර තිබෙනවා.

කෙසේ වෙතත් හෙට පැවැත්වෙන රැස්වීමේදී දැනට මෙම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව සාකච්ඡා කර වෛද්‍ය සභාවේ තීරණය දැනුම්දෙන බවයි එහි උසස් නිලධාරියා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මෙම කමිටුවට වෛද්‍ය සභාවේ නියෝජිතයෙකු  එක් කර නොතිබීම ගැටළු සහගත බවයි.

කෙසේ වෙතත් රෝගී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශ ඇතුළත් නොකළහොත් මෙම කමිටුව මගින් ලබාදෙන වාර්තාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය පළ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සඳහන් කළා.