Update : 20 වන ව්‍යවස්ථා සංශෝධනය නැගෙනහිර සහ බස්නාහිරසම්මත වෙයි

Monday, 11 September 2017 - 14:26

Update+%3A+20+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සියලු පලාත්වල මැතිවරණය එකම දිනයක පැවැත්වීමට යෝජනා කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද නැගෙනහිර පළාත් සභාවේදී, සහ බස්නාහිර පළාත් සභාවේදී වැඩි ඡුන්දයෙන් සම්මත වුණා.

බස්නාහිර පළාත් සභාවට පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී එය සංශෝධන සහිතවයි සම්මත වූයේ.

ඊට පක්ෂව ඡන්ද 45ක් ලැබුණු අතර, විපක්ෂව හිමි වූයේ ඡන්ද 28ක් පමණයි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 4 දෙනා ඡුන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

මේ අතර, නැගෙනහිර පළාත් සභාවට ද 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ජන්ද 24 ක් සහ විපක්ෂව ජන්ද 08ක් හිමි වූ අතර, දෙමළ ජාතික සන්ධානය එහිදී සංශෝධනයට පක්ෂව ජන්දය ලබා දුන්නා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පෙනී සිටි මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය ලබාදුන් බවයි නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට පෙර දකුණ සහ ඌව පළාත් සභාවලට ඉදිරිපත් කෙරුණු 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එම පළාත් සභාවලදී පරාජයට පත්වුණා.

Update : Monday, September 11, 2017 18.06
--------------------------------------------------------

සියලු පලාත්වල මැතිවරණය එකම දිනයක පැවැත්වීමට යෝජනා කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නැගෙනහිර පළාත් සභාවේදී අද වැඩි ජන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ජන්ද 24 කුත්, විපක්ෂව ජන්ද 07කුත් ලැබී තිබුණා. දෙමළ ජාතික සන්ධානය එහිදී පක්ෂව ජන්දය ලබා දුන් අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් පෙනී සිටි මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය ලබාදී තිබෙනවා.

 එහිදී මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාද විවාද ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.