ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

Monday, 11 September 2017 - 14:29

%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82+%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට ලබාදුන් තීන්දුවට එරෙහිව ඔවුන්ගේ නීතීඥයන් විසින් අභියාචනාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනුකරනු ලැබුවා.

හිටපු ජනාධිපතිලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට කොළඹ මහාධිකරණය පසුගිය 7 වනදා බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඬුවමක් නියම කළා.

ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් වියදම් කර සිල් රෙදි බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා එම කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට එරෙහිව අධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේ නීතිපතිවරයායි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ පවත්වා මහාධිකරණය හමුවේ ගොනුකළ පළමු නඩුව වන්නේද මෙයයි.

2014 වසරේ ඔක්තෝම්බර් 30 වන දින සහ 2015 ජනවාරි 15 වන දින අතර කාලයේදී අදාළ මුදල විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි බෙදීම සඳහා ජනාධිපති ලේකම්වරයා නමින් ඇති ගිණුමකට ප්‍රේෂණය කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන් වරදක් සිදුකර ඇති බවට එහිදී නීතිපතිවරයා චෝදනා නගා තිබුණා.

විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, හිටපු ජනාධිපතිවරයාගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු සාක්ෂිකරුවන් විස්සකට වැඩි පිරිසකගේ සාක්ෂි මෙහිදී මෙහෙයවනු ලැබුවා.

නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පැවසුවේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබූ අවස්ථාවක විත්තිකරුවන්ගේ ක්‍රියා කලාපය මගින් එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපතිවරයාට අයුතු දේශපාලන වාසියක් ලබාදීම සඳහා විත්තිකරුවන් කටයුතු කර ඇති බවයි.

එවකට පැවති දේශපාලන සංස්කෘතියට අනුව රජයේ නිලධාරීන්ට ඔවුනට අවශ්‍ය පරිදි තීරණ ගැනීමට ඉඩ නොතබා දේශපාලන අධිකාරියට අවශ්‍ය පරිදි තීරණ ගැනීමට ඔවුන් පොළඹවා ගෙන ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා සිය නඩු තීන්දුවෙන් පෙන්වා දෙනු ලැබුවා.

විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව සඳහන් කළ අධිකරණය ඔවුන්ට වසර 03 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර, එක් අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩයක්ද නියම කළා.

රුපියල් මිලියන 50 බැගින් කොමිෂන් සභාවට වන්දි ගෙවන ලෙස අධිකරණය විත්තිකරුවන්ට නියෝග කළ අතර, එසේ නොගෙවන්නේ නම් ඔවුන් තවත් වසර දෙකක සිරදඬුවමකටද යටත් වන බව සඳහන් කළා.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ වන්දි මුදල ගෙවීම සඳහා මේ මස 20 වනදා දක්වා කල් ලබාදෙන ලෙසයි.