හෙට සිට 15 වනදා දක්වා වෛද්‍යවරු රටපුරා කරන්න යන වැඩේ මෙන්න

Monday, 11 September 2017 - 15:05

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+15+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සයිටම් අර්බුදය විසදීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ ස්ථාවරයන්ට එරෙහිව හෙට සිට ලබන 15 වන දා දක්වා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජනයන්ට අවතීර්ණවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේදී යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල මෙම වර්ජනය දියත් කරන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මේ අතර, වෛද්‍ය විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීමේදී සලකා බැලෙන අවම ප්‍රමිතීන් සකස් කිරීම සඳහා පත් කළ වෛද්‍ය සභාවේ කමිටුව අද පස්වරුවේ රැස් වුණා.

ඒ, මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීමේදී විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ සංශෝධිත නිර්ණායක 18 පිළිබඳව සාකච්ඡා කිරීමටයි.

මීට මාස 3 කට පෙර වෛද්‍ය සභාව මගින් වෛද්‍ය විද්‍යාලයකට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අවම ප්‍රමිතීන් සකස් කරනු ලැබුවා.

කෙසේ නමුත් එම නිර්ණායක සංශෝධනය විය යුතු ආකාරය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දී තිබෙනවා.

අදාළ සංශෝධිත නිර්නායක පිළිබදව අද පැවැත්වෙන සාකච්ඡාවේදී ගනු ලබන තීරණ වෛද්‍ය සභාවේ හෙට පැවැත්වෙන විශේෂ රැස්වීමට ඉදිරිපත් කෙරෙන බව වෛද්‍ය සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.