නව තානාපතිවරුන් තුන්දෙනෙකු අක්තපත්‍ර භාරදෙයි (ඡායාරූප)

Monday, 11 September 2017 - 15:58

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මෙරටට අලුතින් පත් කෙරුණු නව තානාපතිවරුන් තුන්දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අක්තපත්‍ර භාරදීම සිදුකර තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේදී පේරු, එස්ටෝනියා සහ තායිලන්ත යන රටවල් සඳහා පත් කෙරුණු තානාපතිවරුන් මෙලෙස අක්තපත්‍ර භාර දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉතා ශක්තිමත් මිත්‍ර සබඳතා සහිත ජාතීන් අතර ආර්ථික සබඳතා සවිමත් කර ගැනීමෙන් මිත්‍රත්වයේ තිරසර බව සහතික කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී තානාපතිවරු අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.