හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ, මිලියන 500ක වන්දියක් ඉල්ලා කැෆේ විධායක අධ්‍යක්ෂවරයාට එන්තරවාසියක්

Monday, 11 September 2017 - 16:01

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%2C+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+500%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B7%86%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වැලිකඩ ගැටුමේ කමිටු වාර්තාව යට ගැසූ බවට සිදුකළ චෝදනාවට එරෙහිව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ගෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යොමු කර තිබෙනවා.

යහපාලන ජාතික රජය බලයට පත්වූ පසු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ රැදවියන්ගේ ඝාතන සිද්ධිය පිළිබදව සොයා බැලීමේ කොමිසමක් පත් කරනු ලැබුවා.

කෙසේ වෙතත්, එම වාර්තාව අමාත්‍යවරයා විසින් වසර දෙකකට වැඩි කාලයක් සඟවාගෙන සිටි බව කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මීට පෙර මාධ්‍යයට කළ ප්‍රකාශයක් මෙම එන්තරවාසියට පදනම් වී ඇති බව සඳහන්.